පූනපිටිය කලපුවෙන් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි
13 May 2026
පූනපිටිය කලපුවෙන් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි
13 May 2026
අලුත විවාහ වු තරුණයකුගේ මළ සිරුරක් උඩප්පුව පූනපිටිය කලපුවේ තිබී හමුවු බව උඩප්පුව පොලීසිය පැවසීය.
ඊයේ (12) සවස මෙලෙස හමුව ඇත්තේ උඩප්පුව පරියපාඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් බව සඳහන් වෙයි.
අදාළ තරුණයා මසුන් ඇල්ලීම සඳහා තනිවම පූනපිටිය කලපුවට පැමිණ එහි මසුන් අල්ලමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බව සඳහන් වෙයි.
පොලීසිය සිදුකළ පරීක්ෂණවලට අනුව අදාළ තරුණයා තමන්ගේ පාපැදියෙන් මෙලෙස පූනපිටිය කලපුවට මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බවත් එහිදී කිසියම් හේතුවමක් මත ජලයේ ගිලී ගියා දැයි සැක මතුව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

