බුද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට
25 September 2026
බුද්ධ ශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට
25 September 2026
බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
බුද්ධශාසන අමාත්‍යාංශය මගින් "දැහැමි නිවහනයි අපේකම රැඳි හෙට දිනයි" යනුවෙන් පොත් මුද්‍රණය කිරීමේදී, නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බවට අදාළ පුද්ගලයාට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව සැකකරු විසින් සිය හිතවත් ආයතනයක් වෙත අවස්ථා තුනකදී රුපියල් 4,790,000 මුදලකට අදාළ පොත් ප්‍රමාණය මුද්‍රණය කිරීමට භාර දී ඇති බව වාර්තා වේ.
අදාළ පොත් තොගය ගබඩාව වෙත ලබා නොගෙනම ඊට අදාළ ගෙවීම් සිදුකිරීම තුළින් රජයට පාඩු සිදුකිරීම සහ තම හිතවත් ආයතනයට අනිසි වාසියක් සැලසීම මගින් මොහු දූෂණය නැමැති වරද සිදුකර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් හිටපු ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

