හෝමූස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
26 September 2026
හෝමූස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
26 September 2026
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා සිදුකරනු ලැබූ යෝජනාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉරානය විසින් යෝජනා කරන ලද මෙය පිළිගත නොහැකි බවට දන්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙය ප්‍රතික්ෂේප කර ඇති බවය.
ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය විසින් ඉරානයම බැඳ තබාගෙන ඇති බවත් අමෙරිකාව හමුදා ඉතිහාසයේ විශාලතම අවහිරය ස්ථාපිත කර ඇති බවත්ය.
මේ හේතුවෙන් ඉරානයට මුදල් නොමැති බවත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඔවුන්ටම අවශ්‍ය වී ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් ඉන්ධන නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය වෙතින් ගමන් කරන බවත් පවසා ඇති අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පෙරදින රාත්‍රියේද නැව් 29ක් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවය.
සතියක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් එක්සත් ජනපදයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
එමගින් විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අවශ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් මෙය සිදුකළ හැකි බවත් ජුනි මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමටද මෙය ඇතුළත් කර ඇති බවත්ය.
ඒ අනුව තේරීම එක්සත් ජනපදය සතු බවත් පැවසූ අබ්බාස් අරග්චි මෙම සැලැස්ම කටාර් රාජ්‍ය හරහා එක්සත් ජනපදයට ලබා දුන් බවද පවසා තිබුණි.

