ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ හිටපු නිළධාරියෙක් අත්අඩංගුවට
23 October 2026
ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ හිටපු නිළධාරියෙක් අත්අඩංගුවට
23 October 2026
නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ සේවය කළ ක්ෂේත්ර නිළධාරියෙකු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් අද (23) දින සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ සේවය කරන කාලයේදි නෝර්වුඩ්, හැටන් සහ හැටන් රුවන්පුර යන ප්රදේශවල ඉඩම් කැබලි ලබා දෙන බවට හැටන් දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්රසයේ හිටපු නාගරික මන්ත්රීවරයෙකු සම්බන්ධ කර ගනිමින් 70 දෙනෙකුගෙන් පමණ මුදල් ලබා ගෙන තිබිම සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත සැකකරුගේ ප්රකාශයක් ලබා ගැනීම සදහා අද දින හැටන් පොලිසිය වෙත පැමිණෙන ලෙස කල දැනුම්දීමක් මත සැකකරුගෙන් පොලිසිය ප්රකාශයක් ලබා ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුට මුදල් ලබා දුන් හැටන් දික්ඔය නගර සභාවේ හිටපු ලංකා කම්කරු කොංග්රසයේ නාගරික මන්ත්රීවරයා හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිළධාරින් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්රාත් අධිකණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් පසුව අධිකරණය මගින් සැකකරු ඇප මත මුදා හැර ඇත.
සැකකරුවන් දෙදෙනාම ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ ඉඩම් ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් එකතු කර ඇති බවත්, එම සැකකරුවන් දෙදෙනා මේ වන තෙක් කිසිවෙකුටත් ඉඩම් ලබා නොදීම හමුවේ මුදල් ලබා දුන් අය විසින් මෙසේ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කියා සිටියේ.
මෙම වංචාවට සම්බන්ධ තවත් නුවරඑළිය ඉඩම් ප්රතිසංස්කරණ කොමිශන් සභාවේ හිටපු නිළධාරින් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කියා සිටියේ.

