brand logo
logo
නාවලපිටිය නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගරයම වැසි ජලයෙන් යටවෙයි

නාවලපිටිය නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගරයම වැසි ජලයෙන් යටවෙයි

07 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


නාවලපිටිය නගරයට ඊයේ (06) පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මුළු නාවලපිටිය නගරයම වැසි ජලයෙන් යටවී ප්‍රවාහන කටයුතුවලටද බාධා ඇති විය .


නාවලපිටිය බස් නැවතුම්පොළ නාවලපිටිය දොළොස්භාගේ ප්‍රධාන මාර්ගය ,නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය නාවලපිටිය නගරයේ සිට කිලෝ මීටරයක් පමණ ජලයෙන් යටවීම නිසා මහනුවර හැටන් බලා ධාවනය වන බස් රථ මෙන්ම සියලු වාහන ගමනා ගමනය පැය දෙකකට පමණ ආසන්න කාලයක් නතර කර තිබීමට සිදුවිය.


වසර ගණනාවක් පුරා නාවලපිටිය නගරයේ අපජල කානු පද්ධතිය නියමිත පරිදි සකස් කිරීමට නොහැකි වීම නිසා මෙසේ වර්ෂාව ඇදහැලුණු අවස්ථාවල නාවලපිටිය නගරය සම්පූර්ණයෙන්ම ජලය යට වීම සිදුවේ.

 

More News..