brand logo
logo
වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 සිට ගිණුම්වලට

වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 සිට ගිණුම්වලට

28 September 2026


2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් මස 01 වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.


ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර ඇත.


එමෙන්ම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර තිබේ.


ඒ අනුව අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,479.07ක මුදලක් ගෙවීමට නියමිතය.


අදාළ ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් මස 01 වනදා සිට සිය වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..