බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි
28 September 2026
බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති අධිකරණ ඇමති හමුවෙයි
28 September 2026
බ්‍රසීල පෙඩරල් ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති Jorge Geraldo Kadri මහතා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ව්‍යාපාරික සහ අපනයන කටයුතු පුළුල් කිරීම, යහපාලනය සහ දෙරටට බලපාන ගැටලු සඳහා ද්විපාර්ශ්විකව විසඳුම් සෙවීම සම්බන්ධයෙන්ද තානාපතිවරයා අදහස් පළ කර ඇත.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක දීපව්‍යාප්ත වැඩසටහන පිළිබඳවද අමාත්‍යවරයා තානාපතිවරයා දැනුවත් කර තිබේ.
සාම්ප්‍රදායික නඩු ගොනු මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලිය වෙනුවට නවීන, කාර්යක්ෂම සහ ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද එහිදී කරුණු පැහැදිලි කර ඇත.
මීට අමතරව මෙරට සිදුකෙරෙන නව නීති ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන්ද තානාපතිවරයා දැනුවත් කර තිබේ.

