brand logo
logo
ගොවියෙකුගෙන් අල්ලස් ගත් වන ක්‍රේෂ්ත්‍ර නිලධාරියා  අත්අඩංගුවට

ගොවියෙකුගෙන් අල්ලස් ගත් වන ක්‍රේෂ්ත්‍ර නිලධාරියා අත්අඩංගුවට

10 October 2026 | ජයන්ත වීරසේකර-වැල්ලවාය

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් පිරිසක් බුත්තල ප්‍රදේශයේ සිදු කල මෙහෙයුකදී රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබා ගත් බුත්තල බීට්ටු වන කාර්යාලයේ වන ක්‍රේෂ්ත්‍ර සහකාර නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


බුත්තල ප්‍රදේශයේ රජයේ ඉඩමක වගා කටයුතු සිදු කරන ගොවියෙකුගෙන් දිගින් දිගටම එම රජයේ ඉඩමේ වගා කටයුතු කිසිදු නීතීමය බාධාවකින් තොරව සිදු කිරීමට මෙම නිලධාරියා මෙලෙස අල්ලස් ලබා ගෙන ඇත.


බුත්තල බස් නැවතුම්පොල ආසන්න ප්‍රදේශයේ දී එම අල්ලස් මුදල ලබා ගනිමින් සිටි මෙම වන නිලධාරීයා අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු බුත්තල බීට්ටු වන කාර්යාලයට අනුයුක්තව සේවය කරන මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් එකක පුද්ගලයෙකි.


සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරිමෙන් අනතුරුව ඔක්තෝබර් මස විසිවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

 

More News..