FBI පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
22 November 2026
FBI පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
22 November 2026
අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI හී ජාතික අපරාධ තොරතුරු මධ්‍යස්ථානයේ පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අමෙරිකානු මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධව තමාට තොරතුරු වාර්තා වී ඇති බවත් " සමහරවිට අපි වෙනත් ආකාරයකින් ඉගෙන නොගත් දේවල් ඉගෙන ගනිවි" යැයිද එහිදී පවසා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අදාළ බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර පසුගිය සතියේදී එක්සත් ජනපදයේ බැංකු, ගුවන් ගමනාගමන පාලන සහ අනෙකුත් අංශවලට බලපෑ තාක්ෂණික ඇනහිටීම් මාලාවකින් පසු FBI දත්ත බිඳ වැටීමක් සිදුව ඇති බවද සඳහන් වේ.
කෙසේ නමුත් එම බිඳ වැටීම සයිබර් ප්‍රහාරයකින් සිදු නොවූ බවත් නිලධාරීන් සඳහන් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.


