මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, රෝහල, කාර්යාලය ඇතුළු රැසක් විනාශ කරලා
02 August 2026
මහර බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, රෝහල, කාර්යාලය ඇතුළු රැසක් විනාශ කරලා
02 August 2026
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක ඒ.සී. ගජනායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (02) මාධ්ය වෙත අදහස් පළ කරමිනි.
එහිදී රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදු කළ අලාභ හානි සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.
"ඊයේ දින මහර බන්ධනාගාරයේ රැදවියන් විසින් ඇති කරන ලද නොසන්සුන්කාරී තත්ත්වය උඩ, බන්ධනාගාරය තුළ මුළුතැන්ගෙය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. ඊයේ දින විවෘත කරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඒ වගේම පුනරුත්ථාපන කාර්යාලය, ප්රධාන ජේලර් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවා. බන්ධනාගාර රෝහලත් විනාශ කරලා තියෙනවා."
ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය, ප්රධාන ජේලර් කාර්යලය සහ බන්ධනාගාර රෝහල විනාශවී තිබේ.
මේ අතර අදාළ නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව මේ දක්වා අනාවරණවී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක ඒ.සී. ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මහර බන්ධනාගාර පරිශ්රය තුළ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර තිබේ.
ඒ අනුව තත්ත්වය සාමකාමී බවත් රැඳවියන්ගේ ඥාතීන්ට සාමකාමී ලෙස එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසටත් ඒ මහතා ඉල්ලා සිටියේය.

