Best News Website award
brand logo
logo
ඉහළ ගිය එළවළු මිල

ඉහළ ගිය එළවළු මිල

23 November 2026


උඩරට සහ පහතරට එළවළුවල මිල විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් එළවළු වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවකට පත්ව තිබේ.


ඒ අනුව, මාළු මිරිස් කිලෝවක් රු. 950ත් 1,000ත් අතර මිලකටත්, වම්බටු රු. 500කටත්, අමු මිරිස් රු. 800කටත්, බෝංචි රු. 450කටත්, කැරට් රු. 600ත් 700ත් අතර මිලකටත් අලෙවි වේ.


එමෙන්ම, වට්ටක්කා රු. 400ක්, අළු කෙසෙල් රු. 400ක්, ගෝවා රු. 600ත් 650ත් අතර මිලක්, පිපිඤ්ඤා රු. 350ක්, තක්කාලි රු. 800ක්, කරවිල රු. 800ක්, පතෝල රු. 600ක් සහ නුවරඑළිය අර්තාපල් රු. 450ක් ලෙස මිල ඉහළ ගොස් තිබේ.


දෙහි කිලෝවක් රු. 2,000කටත්, රතු ලූනු කිලෝවක් රු. 800කටත් වැනි සිල්ලර මිලකට අලෙවි වන බවද වෙළඳුන් පවසයි.


පසුගිය දිනවල දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට හානි සිදුවීම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ගොවීන්ට නොහැකි වීම නිසා එළවළු මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසයි.


එළවළු මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බැවින් සිය ව්‍යාපාරික කටයුතු ද අඩාල වී ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු වෙළඳුන් පවසයි.


 

 

More News..