brand logo
logo
රු. කෝටි 5ක කොකේන් සමග උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රු. කෝටි 5ක කොකේන් සමග උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

14 September 2026


රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අදාළ පුද්ගලයා 43 වන වියේ පසුවන උගන්ඩා ජාතික ගොවියෙකු බව සඳහන්.


මොහු උගන්ඩාවේ එන්ටබේ නුවර සිට මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත.


ඉන් පසුව, කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) උදෑසන ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති අතර, දහවල් වන තෙක් ගුවන් තොටුපොළේ පළමු මහලේ රැඳී සිට තිබේ.


රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, ගුවන් තොටුපොළ තුළදී අදාළ සැකකරු විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 13ක් පිටතට දමා ඇත.


මෙම පුද්ගලයා ගිල දමා ඇති ඉතිරි කොකේන් ගුලි තොගය පිටතට ගැනීම සඳහා ඔහු මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

 

More News..