brand logo
logo
කොන්ත්‍රාත්කරුවන්ගේ නොසැළකිල්ල නිසා ඉදි නොවුණ වැව් අමුණ

කොන්ත්‍රාත්කරුවන්ගේ නොසැළකිල්ල නිසා ඉදි නොවුණ වැව් අමුණ

06 October 2026 | සිඩ්නි රුවන් උබේපාල-කහටගස්දිගිලිය


මැදවච්චිය, කුණුගෝනෑකඩ වැව සංවර්ධනය කිරීමේදී කොන්ත්‍රාත්කරුවන්ගේ නොසලිකිලිමත් කම හේතුවෙන් මුදල් වෙන් වී තිබූ වැවේ අමුණ සාදාගැනීමට නොහැකි වී ඇති බව එම ගම්මානයේ ගොවීන් පැවසූහ.


මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දුටුවැව ගම්මානයේ මෙම වැව පිහිටා ඇත.


වසර ගණනාවකට පසු මෙම කුණුගෝනෑකඩ වැව ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වුයේ ගොවීන්ගේ වෙහෙස මහන්සියේන් ය .


එහිදී වැව සහ අමුණ ප්‍රතිසංස්කරණයට මුදල් වෙන කර තිබුණත් කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාදය හේතුවෙන් වැව පමනක් සාදා අමුණ අතහැර දමා මුදල් රැගෙන කොන්ත්‍රාත් කරුවන් ගම්මානයෙන් පිටව ගොස් ඇති බව ගොවීන් පැවසූහ.


මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවන්ගේ නිජ බමක් වී ඇත්තේද සියලු නිලධාරින් ඔවුන්ගේ මුදල්වලට යටත් වී ඇති බවැනි.


ඒ අනුව ඔවුනට සිය කොන්ත්‍රාත්තු ලැබීමද ප්‍රමාද නොවී මුදල් ලබා දීම්ද සිදුවන බවට වාර්ථා වේ.


ඇතැම් ගම්වාසීන් පවසන්නේ මේ දිනවල වැවි අමුණ, මාර්ග ඉදි කිරීමේදී විශාල ලෙස මහජන මුදල් අවභාවිතා වන බවයි. 


ඒ පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති නිලධාරින්ද ඔවුන්ගේ හවුල් කරුවන් වී හමාර වීමත් සමග ගම්වාසීන්ට මෙවැනි ඉරණම්වලට අත් වීදීයට සිදුව ඇත.


 

More News..