ඉරාන ජනපති සහ පාකිස්තාන අගමැති අතර දුරකථන සංවාදයක්
28 March 2026
ඉරාන ජනපති සහ පාකිස්තාන අගමැති අතර දුරකථන සංවාදයක්
28 March 2026
මැදිපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම සඳහා පවත්වනු ලබන සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා පර්ශ්වයන් අතර විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසයි.
ජනාධිතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකදීය.
අදාළ සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කලාපීය සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දෙරටේම දායකත්වය සහ ඒ සඳහා පවතින බාධක ජය ගැනීම පිළිබඳව ද නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
එක්සත් ජනපදය සහ ගල්ෆ් රාජ්‍යයන් සමඟ පකිස්ථානයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව ෂරීෆ් විසින් පෙසෙෂ්කියන්ට විස්තර කළ බව එම වාර්තාවල දැක්වෙයි.

