“කොයිගේ’’ සැප දුක බලන්න ජපන් දොස්තරලා ලංකාවට ඇවිත්
23 December 2025 | කේ.කේ. ආරියදාස - දඹුල්ල
“කොයිගේ’’ සැප දුක බලන්න ජපන් දොස්තරලා ලංකාවට ඇවිත්
23 December 2025 | කේ.කේ. ආරියදාස - දඹුල්ල
දඹුල්ල වල්ගම් වැව ප්‍රදේශයේ මෙරට ජපන් කොයි සුරතල් මසුන් අභිජනනය කරන ගොවිපොළ වෙත පැමිණි ජපන් ජාතික විශේෂඥයන් පිරිසක් මේ දිනවල ජපන් කොයි සුරතල් මත්ස්‍ය තරගයක් සහ ඊට සම්බන්ධ උපදේශන සේවයක් පවත්වනු ලබන්නේය.
මෙරටදී මෙවැනි ක්‍රියාවක් සිදු කෙරෙන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. දඹුල්ල ප්‍රදේශයේ පදිංචි අමිල බණ්ඩාර තරුණයා විසින් ජපානයේ පදිංචියට ගොස් වසර ගණනාවක් එරටේ රැඳී සිට ජපන් රජයේ සහාය ඇතිව ජපානය විසින් සොයාගත් ජපන් කොයි නමැති මිල අධික සුරතල් මසුන් අභිජනනය කරන නව ව්‍යාපෘතිය මීට වසර තුනකට ඉහතදී ආරම්භ කෙරිණි. මෙමගින් ලාංකික ජනයාට රැකියා අවස්ථා ද ලැබී තිබිණි.
ජපානයේ විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණ ජපන් කොයි ඇති කරන දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් ගෙන්වා ඔවුන් ඇති කරන මත්ස්‍යයන්ගේ ගුණාත්මක භාවය හැඩය ආදි පිළිබඳව විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති අතර පසුව තවත් එවැනිම වූ මිල අධික මසුන් ඔවුන් වෙත තෑගි කර ඇත. ඒ අනුව ජපානයේ සිට පැමිණ ඇති පිරිස අතර මසුන් අභිජනනය කරන විශේෂඥ වෛද්‍යවරුන් සහ එරට මහ පරිමාණයෙන් මසුන් අභිජනනය කරන ගොවිපොළකරුවෝ ද වූහ. එම විශේෂඥ කණ්ඩායම සඳහන් කළේ ජපානය සොයා ගත් මෙම මත්ස්‍යයා ලෝකයේ සෑම රටකම වැඩි ඉල්ලුමක් පවතින බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටක සිට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් රැසකට මෙම මසුන් අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සුවිශාල වූ ජයග්‍රහණ ලැබෙන බවයි. ජපානය සහ චීනය අතර තිබුණු විරසකය එවකට සිටි ජනාධිපතිවරුන් මෙම ජපන් කොයි මසුන් හුවමාරුවලින් අවසන් වූ බවද ඔවුහු එහිදී සඳහන් කළහ.
ගොවිපොළ හිමිකරු වන දඹුල්ලේ අමිල බණ්ඩාර සඳහන් කළේ සිය ගොවිපොළේ මේ වන විටත් මිල කිරීමට නොහැකි තරම් ජපන් කොයි මසුන් වර්ග රැසක් සිටින බවයි.
තමන් සතුව සිටින මේ වන විට මිල අධිකම මත්ස්‍යයා රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවද ඊට අමතරව ජපන් මිලියන හැත්තෑවක මත්සයකු සිටින බවද හෙතෙම සඳහන් කළේය.

