තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
26 May 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
26 May 2026
තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (26) පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (27) පස්වරු 4.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇති බවත් නිවේදනයේ දැක්වේ.
එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, තරංග කාලය තත්පර 10ත් 14ත් අතර පවතින බවත් සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ

