brand logo
logo
"ලාභය ගැන හිතන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න"

"ලාභය ගැන හිතන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න"

06 October 2026


දිවයින පුරා ප්‍රදේශ කිහිපයක පවතින ඉන්ධන හිඟය සම්බන්ධව අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමු විය.


එහිදී මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ලාභය අරමුණු කරගනිමින් පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයීම සීමා කර ඇති බවය.


ලෝක වෙලෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග රජය විසින් සහනාධාරයක් ලබා දුන් නමුත් එම සහනාධාරය ඔවුන්ට ප්‍රමාණවත් නොවන බැවින් එම සමාගම් මෙම පියවර ගෙන ඇතැයිද පැවසූ අමාත්‍යවයරයා මේ සඳහා රජය ගත හැකි සියලු පියවර ගන්නා බවද සඳහන් කළේය.


එමෙන්ම මේ වන විට දිවයින පුරා රටේ ප්‍රධාන ස්ථාන 55ක තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති බවත් ඒ් අනුව අවට පිහිටි ඉන්ධන පිරවුම්හල් සඳහා මේ වන විට ඉන්ධන වැඩි වශයෙන් නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.


එමෙන්ම අනෙකුත් සමාගම්වලින්ද තමන් පවතින තත්ත්වය හමුවේ ලාභය අරමුණු කිරීමකින් තොරව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,


"ඒ මිලටම අපි ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේ නෑ. කොටසක් රජය දරාගන්නවා. ඒ අනුව තමයි ගියවර බිලියන 57ක් දුන්නා. මෙවර බිලියන 41ක් දුන්නා රජය විසින් භාණ්ඩාගාරයෙන් දැම්මා තෙල්වලට සහනයක් ලබා දෙන්න. තෙල් සමාගම විසින් කොටසක් දරා ගන්නවා. ගිය සැරෙත් මේ ප්‍රශ්නය පැන නැගුනා සමහර සමාගම් කිව්වා ඒ මුදලත් ඔවුන්ට මදි කියලා ඇත්තටම ඔවුන්ට ඒකෙන් වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගුව අඩුවෙන එක. එතකොට ඔවුන් වෙළෙඳපොලට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා.  


දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසේදි නිකුත් කරනේ 55%යි දැන් වෙනකොට මාර්කට් ශෙයාර් එක 76%ක තෙල් සංස්ථාවේ වැඩි වෙලා තියෙන්නේ. මීට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගමේ 2025 ජනවාරිවල 21%ක් තිබුණු මාර්කට් ශෙයාර් එක මේ වෙනකොට 12% දක්වා අඩු වෙලා තියෙනවා. පෙට්‍රල් වලත් මේක තමයි තත්ත්වය.


තෙල් සංස්ථාව තෙල් සැපයීම අඛණ්ඩව කරගෙන යනවා හැබැයි රටේ ප්‍රධාන ස්ථාන 55ක් තියෙනවා. තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. අපි දැන් ඒ අවට තිබෙන පිරවුම්හල්වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා. අපි තෙල් සමාගම්වලටත් කියන්නේ ඔබ මේ වෙලාවේ ලාභය ගැන හිතන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ලෝකයේම පවතින ත්ත්වයකදි ඊට මුහුණ දෙන ආකාරයට අපි කටයුතු කරගෙන යනවා."

 

More News..