brand logo
logo
ඊජිප්තුවේ දුම්රිය 2ක් එකිනෙක ගැටී පුද්ගලයින් 4ක් මරුට - 88කට තුවාල

ඊජිප්තුවේ දුම්රිය 2ක් එකිනෙක ගැටී පුද්ගලයින් 4ක් මරුට - 88කට තුවාල

08 November 2026

ඊජිප්තුවේ ගීසා නගරය අසල සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අවම වශයෙන් 88 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගීසා සිට කයිරෝ නගරයට දකුණින් පිහිටි ෆයුම් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, කයිරෝ සිට දකුණු දෙසට ඇස්වන් වෙත ගමන් කරමින් තිබූ තවත් දුම්රියක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව ඊජිප්තු දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැන බෑවුමකට පෙරළී ගොස් ඇති බව සඳහන් වේ.


අනතුර සිදුවූ ස්ථානයට ගිලන්රථ 72කට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අතර, මියගිය අය අතර දුම්රිය රියදුරෙකුද වන බව විදෙස් මාධය සඳහන් කරයි.


මේ හේතුවෙන් ගීසා සහ ඉහළ ඊජිප්තු කලාපය අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇත.

 

More News..