රුසියාවේදී අත්අඩංගුවට පත්වූ "රොටුඹ අමිල" හෙට දිවයිනට රැගෙන එයි
19 November 2026
රුසියාවේදී අත්අඩංගුවට පත්වූ "රොටුඹ අමිල" හෙට දිවයිනට රැගෙන එයි
19 November 2026
රුසියාවේදී අත්අඩංගුවට පත්වූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවකු වන "රොටුඹ අමිල" නමැත්තා හෙට (20) මෙරටට රැගෙන ඒමට නියමිතය.
ඒ වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට රුසියාව බලා පිටත්ව ගොස් තිබේ.
දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙක් බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව, මෙරටින් පලා ගොස් සැඟව සිටියදී, 2025 වසරේ මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.


