brand logo
logo
අකුරණ මාරක අනතුරේ ලොරි රියදුරු අත්අඩංගුවට

අකුරණ මාරක අනතුරේ ලොරි රියදුරු අත්අඩංගුවට

19 October 2026


අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු අලවතුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මාතලේ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (19) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


අනතුරින් තවත් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා අකුරණ සහ මහනුවර රෝහල් වෙත ඇතුළත් කර තිබේ.


පොලීසිය පැවසුවේ, ලොරි රථයේ රියදුරුට එය පාලනය කරගත නොහැකිවීම හේතුවෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයක සහ මාර්ගයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.


අනතුරින් වාහන අටක් පමණ හානියට පත්ව තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් අලවතුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..