brand logo
logo
රෝහිත බෝගොල්ලාගමට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි රිමාන්ඩ්

රෝහිත බෝගොල්ලාගමට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව යළි රිමාන්ඩ්

06 November 2026

දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.


කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

එහෙත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා විත්තිකාර බෝගොල්ලාගම මහතා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.


මේ අතර මෙම විත්තිකරු විත්ති වාචකය කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවන ලෙසත් නියෝග කළේය.

 

 

More News..