අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර මාලාවක්
23 July 2026
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර මාලාවක්
23 July 2026
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කරයි.
එම මධ්‍යස්ථානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ නියෝගයක් මත මෙම ප්‍රහාර මාලාව අමෙරිකානු වේලාවෙන් සවස 5.30 පමණ දියත් කළ බවය.
කලාපීය මුහුදු මාර්ගවල වාණිජ නෞකා වෙත තර්ජනයක් එල්ල කිරීමේ ඉරානයේ හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාර මාලාවේ අරමුණ බවද අමෙරිකාව සඳහන් කරයි.
මෙම ප්‍රහාර මාලාව සමඟ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් අඛණ්ඩව 12 වන දිනටත් ප්‍රහාර එල්ල කරමින් සිටී.

