brand logo
logo
රටින් පැන්න කබඩි සභාපතිගේ තහනම මාස 7ක් පුරා සඟවාගෙන?

රටින් පැන්න කබඩි සභාපතිගේ තහනම මාස 7ක් පුරා සඟවාගෙන?

15 September 2025 | ඉන්ද්‍රජිත් සුබසිංහ

ශ්‍රී ලංකා කබඩි සම්මමේලනයේ හිටපු සභාපතිවරයකු වූ සහ කබඩි ක්‍රීඩාව යොදාගනිමින් වංචා දූෂණ රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවන අනුර පතිරණ නැමැත්තාව ජාත්‍යන්තර කබඩි සම්මේලනය විසින් තහනමට ලක්කර ඇති අතර එම තහනම නිවේදනය කරමින් එවන ලද ලිපිය මාස 7ක කාලයක් ක්ශේත්‍රයෙන් වසන් කර තිබීම විමතියට කරුණක් වී තිබේ.


ජාත්‍යන්තර කඩඩි සම්මේලනයේ අනුමැතිය නොමැති, එයට අනුව අනීතික ජාත්‍යන්තර කබඩි සංවිධානයක් ලෙසින් සැලකෙන 'වර්ල්ඩ් කබඩි' නම් සංවිධානයේ නිලයක් දැරීමට කටයුතු කිරීම මෙම තහනමට හේතුව ලෙසින් දක්වා ඇත. ඒ අනුව 2025 ජනවාරි මස 15 වැනිදා පැවැති ජාත්‍යන්තර කබඩි සම්මේලනයේ මහ සභාවේදී මෙම තහනම ඒකමතිකව සම්මත වී ඇති අතර 2025 ජනවාරි 27 වැනිදා මෙම තහනම ශ්‍රී ලංකා කබඩි සම්මේලනයට දැනුම් දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයටද පිටපත් සහිතවය.


නමුත් එකී තහනම පිළිබඳ මෙරට පාර්ශ්වයන්ගෙන් මෙතෙක් කලක් වසන්ව පැවැතීමට හේතුව අනුර පතිරණ නැමැත්තාගේ සගයා මෙන්ම දූෂිතයෙක් ලෙසින් චෝදනා එල්ලවී ඇති, අනුර පතිරණ සභාපති සමයේදී කබඩි ලේකම් තනතුර දැරූ මෙන්ම අනුර පතිරණ සමග රටෙන් පැනගොස් මේ වන විට ඔහු සමග ස්විට්සර්ලන්තයේ ජීවත්වන ......... සහීවන් නැමැත්තා විසින් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ඊ-මේල් ගිණුම තවමත් සිය භාරයේ තබාගෙන මෙහෙයවන නිසා යැයි පැවසේ. එසේම මෙම තහනම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නොදුටු දෑස්ව සිටියේ අනුර පතිරණ නැමැත්තාගේ සගයන් ක්‍රීඩා අමාත්‍යශය තුළද සිටින නිසා යැයි ද සැක මතුවේ.


හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන දයාසිරි ජයසේකරගේ සමීපතයකු ලෙසින් කබඩි පරිපාලනයට පැමිණි අනුර පතිරණ නමැත්තා කබඩි සම්මේලනයේ වරප්‍රසාද අවභාවිතා කිරීම මෙන්ම මුල්‍ය වංචා සහ ක්‍රීඩකයන්ට බලපෑම් කර මුදල් ඉල්ලා සිටීම ඇතුළු චෝදනා රැසක් එල්ලව තිබියදී, මෙරට ආරක්ෂක අංශවලින් තමන්ට තර්ජන ඇතැවි ව්‍යාජ රංගනයක යෙදී මේ වන විට ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා සිටින්නෙකු බව කියැවේ. ඔහු සහ සහීවන් නමැත්තා රටින් පැනගියද එරට සිට මෙරට කබඩි පරිපාලනය මෙහෙයවීමට කටයුතු කළ අතර පසුව පත්වූ නිල මඩුල්ලට කබඩි සම්මේලන නිල ඊ-මේල් ගිණුමේ මුරපදය පවා ලබා නොදී ඒ වෙත ජාත්‍යන්තරයෙන් යොමුවන ඊ-මේල් තමන්ට රිසි සේ හසුරුවා ඇතැයි පැවසේ.


මේ අතර ඔවුන් 'වර්ල්ඩ් කබඩි' නම් සංවිධානය හා එක්ව ඇති අතර ඉකුත්දා, එම සංවිධානයෙන් ලෝක කබඩි තරගාවලියක් සදහා ලැබූ ආරාධනයක් අනුව යැයි පවසා මෙරට ක්‍රීඩා අමාත්‍යංශය ඇතුළු බලධාරීන‍්ට සියළු තොරතු වසන් කරමින් කබඩි කණ්ඩායමක් ලෙසින් නම් කළ පුද්ගලයන් පිරිසක් රටින් පිටමං කිරීමේ මහමොළ කරුවන් මොවුන් බවට ක්ශේත්‍රයේ කියැවේ. මෙයින් දශක දෙකකට පමණ එපිට මෙරට නියෝජනය කරනු ලබන හෑන්ඩ් බෝල් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් පැනයෑමේ (මචං චිත්‍රපටයට පාදක වූ සත්‍ය කථාව) සිද්ධියට සමාන සිද්ධියක් ලෙසින් මෙය ක්‍රියාත්මක වීමට සැලසුම් වී තිබූ අතර ජාතික කබඩි කණ්ඩායමකට කිසිදු සුදුසුකමක් දක්වා නොසිටි පිරිසක් මෙලෙස රටින් පිටමං කිරීම කබඩි ක්‍රීඩාව යොදාගත් දැවැන්ත මිනිස් ජාවාරමක් බව කියැවුණි.

 

More News..