මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
01 May 2026
මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
01 May 2026
සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව තිබේ.
මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව සහ තවත් අංශ කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කරනු ලැබීය.
ඊට අදාළව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනමකට ලක් කෙරුණු අතර එම පිරිස අතරට මෙම නිලධාරියාද ඇතුළත්ය.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම නිලධාරියාගේ මළ සිරුර ඔහුගේ නිවස පිටුපස ගෙවත්තේ තිබී පොලීසිය විසින් ඊයේ පෙරවරුවේ සොයාගනු ලැබීය.
ඔහුගේ මිය යාම සිය දිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරන අතර, අද දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

