brand logo
logo
'දිට්වා' නිසා මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපති එක්වෙයි

'දිට්වා' නිසා මියගිය නෙළුම්මල වැසියන් වෙනුවෙන් පැවති තෙමස් පූර්ණ පිංකමට ජනපති එක්වෙයි

27 February 2026

'දිට්වා' ආපදාවෙන් මියගිය අය සිහිකරමින් නෙළුම්මල ගම්මානයේ අද (27) පැවති තෙමස් පූර්ණ දානමය පිංකමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.


පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී එම පිංකම පැවැත්විණි.


මහනුවර, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක් 'දිට්වා' ආපදාවෙන් නායයෑමට ලක්විය.


ඒ හේතුවෙන් එම ගම්මානයේ පවුල් 13කට අයත් පුද්ගලයන් 31 දෙනෙකුගේ ජීවිත අහිමි විය.


ඒ අනුව ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මියගිය සියලුදෙනා සිහිකරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණි.


මෙයට සමගාමීව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක්ද සංවිධානය කර තිබිණි.


සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද මේ සඳහා වැඩමකර සිටියහ.


එමෙන්ම බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාවට එක්වූහ.

 

More News..