Best News Website award
brand logo
logo
ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අනුමත ව්‍යවස්ථාවක් නෑ?

ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අනුමත ව්‍යවස්ථාවක් නෑ?

27 November 2026 | ඉන්ද්‍රජිත් සුබසිංහ


මෙරට ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන අති බහුතරයකට සම්මත ව්‍යවස්ථාවක් නොමැති බව ‘අරුණ‘ට සැලවේ.


2025 මැයි 21 වන දින අංක 2437/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මගින් සෑම ජාතික ක්‍රීඩා සංගමයකටම සහ සම්මේලනයකටම සිය ව්‍යවස්ථාව නව නීතිවලට අනුකූලව අලුතින් සැකසීම අනිවාර්ය කෙරුණි.


එම නියෝග හා සැසඳෙන සේ සකසන ලද නව ව්‍යවස්ථා, ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමුකර අනුමැතිය ලබාගත යුතු වූ අතර එසේ තමන් වෙත ඉදිරිපත් වන ව්‍යවස්ථා හා අදාළ නියෝග අතර ගැළපීම පරීක්ෂාකර බලා ඒ සඳහා අනුමැතිය ලබාදීමට ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක්ද පත්කරන ලදි.


ඒ අනුව එම කමිටුව හමුවට ජාතික සංගම් රැසක නව ව්‍යවස්ථා කෙටුම්පත් යොමුකර ඇති නමුත් ඒ අතුරින් බොහොමයකට මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ව්‍යවස්ථා හා අදාළ ජාතික ක්‍රීඩා සංගම් නියෝග අතර ගැළපීම පරීක්ෂා කිරීම යනු සීරුවෙන් කළ යුත්තක් වන අතර ඒ වෙනුවෙන් පත්කළ කමිටුවට අයත් ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් එකී අධ්‍යයනය සඳහා කාලය සොයාගැනීම දුෂ්කර වී තිබීම මෙයට හේතුව බව පැවසේ.


එසේ වුවද සිය නව ව්‍යවස්ථා සඳහා අනුමැතිය ලැබීම දිනෙන් දින ප්‍රමාදවන අතරවාරයේ ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන කිහිපයක්ම තම නිලවරණ පැවැත්වීමට කටයුතු කර තිබුණි. ඒ අනුව සම්මත ව්‍යවස්ථාවක් නොමැතිව පත්කළ එවැනි නිල මඩුලු නීත්‍යනුකූලද යන පැනයද මේ සමග මතුව තිබේ.


එසේ වවුද එම පත්වීමවල නෛතිකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් නොපවතින බව, මේ සම්බන්ධයෙන් ‘අරුණ‘ කළ විමසුමේදී පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු පවසා සිටියේය. සම්මත ව්‍යවස්ථාවක් නොමැතිව නමුත් අදාළ නිලවරණ පවත්වා ඇත්තේ 437/24 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග ප්‍රකාරව නම් එම නිලවරණවලින් පත්වූ නිලධාරී මණ්ඩල පිළිගැනීමට සිදුවන බව එම නිලධාරියා අවධාරණය කර සිටියේය.

 

More News..