අතිපූජ්‍ය වල්පොල නන්දවිමල ස්වාමීන් වහන්සේ අපවත් වෙති
03 September 2026
අතිපූජ්‍ය වල්පොල නන්දවිමල ස්වාමීන් වහන්සේ අපවත් වෙති
03 September 2026
ශ්‍රී සාරානන්ද සද්ධාවිමල වංශාවතංශ සංඝ සෝභන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ, කුලියාපිටිය, කිතලව, උණලීය ශ්‍රී සුමනාරාම මහා විහාරයේ විහාරාධිපති, කිරිමැටියාන විද්‍යාබන්ධු මහා පිරිවෙන්හි විශ්‍රාමලත් පරිවේණාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු, ශාස්ත්‍රපති, අතිපූජ්‍ය, වල්පොල නන්දවිමල මා හිමිපාණන් වහන්සේ 2026.09.02 වන දින අපවත් වී වදාළහ.
උන්වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසාත්, පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම උදෙසාත් මහත්ගරු සේවයක් ඉටු කළ යතිවරයාණන් වහන්සේනමකි.
අපවත් වී වදාළ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2026 සැප්තැම්බර් මස 05 වන සෙනසුරාදා දින පස්වරු 5.00 ට කුලියාපිටිය, උණලීය ශ්‍රී සුමනාරාම මහා විහාරස්ථ භූමියේදී සිදු කිරීමට නියමිතය.

