brand logo
logo
දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහළට

දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහළට

17 September 2026


වත්මන් දේශීය වෙළෙඳපොළ තුළ වාහන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා ප්‍රකාශ කරයි.


ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනප්‍රිය මෝටර් රථ මාදිලි කිහිපයකම මිල ගණන් ඇතැම් අවස්ථාවලදී රුපියල් ලක්ෂ 10කින් පමණ අඩුවී ඇති බවයි.


"වත්මන් වෙළෙඳපොළේ වාහන මිල විශාල වශයෙන් අඩු වී තිබෙනවා. ඉදිරියට තවත් අඩු වේවි කියා සිතන්නට බැහැ. මෙය පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමට ලැබුණු හොඳ අවස්ථාවක්. වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත් වූ වහාම නැවතත් මිල ගණන් විශාල ලෙස ඉහළ යනු ඇති," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..