brand logo
logo
"කුසලානට වඩා වැදගත් දේ තරගාවලියේ ජයග්‍රහණයයි" - ඉන්දීය ක්‍රිකට් ලේකම්

"කුසලානට වඩා වැදගත් දේ තරගාවලියේ ජයග්‍රහණයයි" - ඉන්දීය ක්‍රිකට් ලේකම්

15 September 2026


ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම එහි ශූරතා කුසලාන ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති මොහ්සින් නක්වි වෙතින් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නැවත ක්‍රිකට් පිටියට ඉන්දු පාකිස්තාන විරසකයේ සෙවණැලි පතිතව ඇති අයුරු ඊයේ (14 වැනිදා) විදෙස් මධ්‍ය යළි වාර්තා කිරීමට පටන්ගෙන තිබේ. මේ අතර ඉන්දීය ක්‍රිකට් ලේකම් දේව්ජිත් සයිකියා කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වන විදෙස් මාධ්‍ය, කුසලාන හිමිකර ගැනීමට වඩා ජයග්‍රහණය කිරීම වටින බව පවසා ඇතැයි වාර්තා කරති.


එම ප්‍රකාශයට අනුව "කුසලානයක් දිනා ගැනීම එක් දෙයක් පමණයි. නමුත් සත්‍ය වශයෙන් වැදගත් වන්නේ, තරගාවලියේ ජයග්‍රහණයයි. මෙවර කුසලාන භාර නොගැනීම පිළිබඳව ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය ඇතිවූයේ අපගේ පාර්ශ්වයෙන් සිදුවූ කරුණක් නිසා නොවේ. තරගයට පෙර අපි අපේ ස්ථාවරය ප්‍රකාශ කර තිබුණා. යම් හෙයකින් අපි තරගාවලිය ජයගතහොත් කුසලානය අපි සභාපතිවරයා අතින් භාරනොගන්නා බව තරගයට පෙර සිටම දන්වා සිටියා." යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.


මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පරිපාලනයෙන් ද, නැතහොත් ක්‍රීඩකයන් විසින් ද යන්න මාධ්‍ය විමසූ විට එය ආයතනික වශයෙන් ගන්නා ලද තීරණයක් බවත් ඊට සම්බන්ධ සියලු දෙනා එක්ව එයට එකඟ වන බවත් පවසා ඇත.


 

More News..