brand logo
logo
මාතර පොහොට්ටුවත් රනිල්ට

මාතර පොහොට්ටුවත් රනිල්ට

01 August 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් සංවිධානය අද පස්වරුවේ රැස්වූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ඒකමතිකව තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සිය නිල x ගිණුමේ සටහනක් තබා ඇත.


එම සටහනේ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට ගෙන ඇති තීරණය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සාගර කාරියවසම් පොදුජන පෙරමුණේ මහ ලේකම් තනතුරෙන් ඉවත් කර රමේෂ් පතිරණ එම තනතුරට පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.


මාතර ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයින්, අනුබද්ධ සංවිධානවල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණි.


https://twitter.com/kanchana_wij/status/1818981456208883902

 

More News..