brand logo
logo
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

08 June 2026


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.


එම අවවාදාත්මක නිවේදනය හෙට (09) ප.ව. 03.30 වන තෙක් වලංගු වේ.


එහි සඳහන් වන්නේ දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් 4කට සහ තවත් ප්‍රදේශ කිහිපයකට විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බවය.


එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු -මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙම තත්ත්වය බල පා ඇති බවය.


දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

 

More News..