Best News Website award
brand logo
logo
2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 4වන දිනය අද

2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 4වන දිනය අද

26 November 2026

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.


2027 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන සිව්වැනි දිනය අද වේ.


ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය 13 වනදා සිට ඇරඹුණි.


ඒ අනුව දින 7ක කාලයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඉකුත් 20 වැනිදා පස්වරුවේ පැවැත්වුණි.


එහිදී 2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වුණු අතර අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණි.


අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය පසුගිය 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වෙයි.


රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30 ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


ඒ අනුව 2027 අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම එනම් තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6 ට පැවැත්වෙනු ඇති.

 

More News..