Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකා පිලෙන් පාකිස්ථානයට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා පිලෙන් පාකිස්ථානයට පහසු ඉලක්කයක්

20 November 2026


පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 316ක් රැස්කරගෙන තිබේ.


තරගයේ සිව්වැනි දිනය ආරම්භ වී සුළු මොහොතකින්ම ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ලද දැවී ගියේය.


ඒ අනුව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හුදකලා සටහනක නිරත වූ මිලාන් රත්නායක නොදැවී ලකුණු 66ක් රැස්කර ගැනීමට සමත් විය.


සොනාල් දිනූෂ රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 54කි.‍


නායක කුසල් මෙන්ඩිස් ලකුණු 54යි.


මෙම තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා පිල ලකුණු 98ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 325ක් රැස්කර ගැනීමට සමත් විය.


ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා පාකිස්ථාන කණ්ඩායමට රැස්කර ගත යුතුව තිබෙන්නේ ලකුණු 89ක් පමණීය.

 

More News..