brand logo
logo
2023 උසස් පෙළ විභාගය ගැන අධ්‍යාපන ඇමති කියූ දේ

2023 උසස් පෙළ විභාගය ගැන අධ්‍යාපන ඇමති කියූ දේ

05 September 2023

2023 අ.පො.ස උසස් පෙළ විභාග කල්දැමිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද(05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. 


2024 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සහ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමට කල්දැමීමට බලපානු ඇති බව අමාත්‍ය ප්‍රේමජයන්ත පැවසුවේය. 

 

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාග නියමිත පරිදි නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා යළි අවධාරණය කළේය. 

 

උසස් පෙළ විභාග කල් දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, සරත් වීරසේකර ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.


 

More News..