brand logo
logo
වන සතුන් දඩයම් කිරීමට ඇඳි විදුලි රැහැනක පැටලී තරුණයෙකු මියයයි

වන සතුන් දඩයම් කිරීමට ඇඳි විදුලි රැහැනක පැටලී තරුණයෙකු මියයයි

29 October 2026 | කැලුම් ගුණතිලක-මොනරාගල


ඔක්කම්පිටිය පොලිස් වසමට අයත් මාළිගාවිල රාත්‍රී වැව ප්‍රදේශයේ වැව ඉස්මත්වය කැළෑ රොදක වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලී තරුණයෙකු ඊයේ (28) වෙනිදා මියගොස් ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසයි.


මෙලෙස මිය ගොස් ඇත්තේ මාළිගාවිල රාත්‍රී වැව පදිංචි 33 හැවරදී නැමති අවිවාහක තරුණයෙකි.


ඔහු වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටින අයෙකු වන අතර ප්‍රධාන විදුලි රැහැනකින් විදුලිය ගෙන එම කැළෑ රොදේ අටවා ඇත.


ඊට සතුන් හසුවී ඇත්දැයි සොයා බැලීමය ගිය අවස්ථවේ මෙලෙස විදුලි සැර වැදී සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.


මෙම මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය වැල්ලවාය මහේස්ත්‍රාත් ශ්‍යාමලී පුර්ණා විසින් වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.


ඔක්කම්පිටිය පොලීසියේ වීරසිංහ පරීක්ෂණ පවත්වයි.

 

More News..