ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළට
12 November 2026
ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළට
12 November 2026
පහුගිය පැය 24 තුළ දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වර්ධනය වී ඇති බවත්, පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ප්‍රධාන කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූර්යබණ්ඩාර මහතා පවසයි.
වර්ෂාපතන තත්ත්වය ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවලට වන අතර, එහි අගය මිලිමීටර් 100 ත් 120 ත් අතර අගයක් ගනී.
මීට අමතරව,කළු ගඟේ ඇතැම් ස්ථාන (මාගුරු ගඟ ආශ්‍රිතව) - මිලිමීටර් 100 කට ආසන්නයි.
ගම්පහ අත්තනගලු ඔය පහළ ප්‍රදේශය - මිලිමීටර් 100 කට ආසන්නයි
කතරගම ආශ්රිත ප්‍රදේශය - මිලිමීටර් 100 කට ආසන්නයි
සෙසු බොහෝ ප්‍රදේශ - මිලිමීටර් 50 ත් 75 ත් අතර වර්ෂාපතනයක් ලබා දී ඇති අතර, උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත් ඇතුළුව දිවයින පුරාම මෙම වැසි ස්වභාවය විහිදී පැතිරී තිබේ.
පවතින වර්ෂාවත් සමඟ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටම්වල පවතින බව ඉංජිනේරු එල්. එස්. සූර්යබණ්ඩාර මහතා පෙන්වා දෙයි.
නිල්වලා ගඟ - අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශ සුළු ගංවතුරට ආසන්න මට්ටමක පවතින නමුත් විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරයි.
ගිං ගඟ - බද්දේගම සහ ඒ ආසන්නයේ සුළු ගංවතුර තත්ත්වයක් පැවතියද, එය තවදුරටත් විශාල ගංවතුරක් දක්වා වර්ධනය වීමක් පෙන්වන්නේ නැත.
කළු ගඟ - මාගුරු සහ මිල්ලකන්ද ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමට ආසන්නයේ පවතියි.
කැලණි ගඟ - සාමාන්‍ය ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් කළත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නැත.
අත්තනගලු ඔය - ගම්පහ, දූනමලේ සහ ඉන් පහළ ප්‍රදේශවල සුළු ගංවතුර මට්ටමක පවතී.
මහා ඔයජල මට්ටම්වල සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කළත් ගංවතුර අවදානමක් නැත.
අද දිනත් තෙත් කලාපයේ ප්‍රදේශ මෙන්ම ඌව, දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල සැලකිය යුතු තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.
මෙම තත්ත්වය යටතේ බොහෝ ජලාශවල වාන් දොරටු විවෘත වීමට ඉඩ ඇති අතර, කෙටි කාලයක් තුළ ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් සහ මාර්ග ක්ෂණිකව ජලයෙන් ය යට වීමේ අවදානමක් පවතී.
එබැවින්, සුළු ගංවතුර මට්ටම්වල පවතින ගංගා ආශ්‍රිතව සහ ඔයවල් අසල ජීවත් වන ජනතාව ජල මට්ටම්වල සිදුවන ක්ෂණික විචල්‍යතා පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ගංගා පරිහරණයේදී ඉතාමත් කල්පනාකාරී වන ලෙසත්, වරින් වර නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


