brand logo
logo
කටුනායන ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමට අනුමැතිය

කටුනායන ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමට අනුමැතිය

14 July 2026


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුලු 36 ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන් යානා වෙත පිවිසීමේ දොරටු හයක් (06) සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.


ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු තුනක් ලැබී තිබුණි.


එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Maga Engineering (Pvt) Ltd. වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 7.26ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත ) සහ රුපියල් බිලියන 3.77ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.


 

More News..