brand logo
logo
 කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේ නැහැ - ආරක්ෂක ලේකම්

කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන්නේ නැහැ - ආරක්ෂක ලේකම්

02 May 2026


තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (02) මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිසේත්ම නීතියෙන් පැන යාමට ඉඩක් නොදෙන බව හෙතෙම අවධාරණය කළේය.


පෙර තත්ත්වය හා සැසඳීමේදී මේ කාලය වනවිට මෙරට මත්ද්‍රව්‍ය රැගෙන ඒම විශාල වශයෙන් අඩු කිරීමට ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසිය විශේෂ දායකත්වයක් ලබාදී ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් විදේශ රටවල සිට මෙම බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි.


එලෙස කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පියවර ගෙන ඇති බව සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේය. 


මේ අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට මෙරට ත්‍රිවිධ හමුදාව අනුයුක්ත කිරීමේ අවස්ථාව මේ වනවිට ලැබී ඇත.


ඉතා කඩිනමින් ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හයිටි රාජ්‍ය වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.


එමෙන්ම ආරක්ෂක අංශවල යම් සාමාජික හිඟයක් පවතින බවත් එම තත්ත්වය අවම කරගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් සම්පත් තුයියකොන්තා මහතා වැඩිදුරටත් පැවසීය.


 

More News..