මාර්ග නීති කැඩූ උතුරේ යතුරුපැදි පෙළපාලියේ තිදෙනෙක් අත්අඩංගුවට
23 May 2026
මාර්ග නීති කැඩූ උතුරේ යතුරුපැදි පෙළපාලියේ තිදෙනෙක් අත්අඩංගුවට
23 May 2026
උතුරු පළාත තුළ පැවැත්වුණු සැමරුම් උත්සවයකට සමගාමීව මාර්ග නීති කඩකරමින් මහාමාර්ගයක ගමන් කළ යතුරුපැදි පෙළපාලියක සිටි තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි කිහිපයක ගමන් ගත් මෙම පිරිස සම්බන්ධව පොලිස් බුද්ධි අංශ යොදවා සිදුකළ සොයා පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ අදාළ විමර්ශනයේදී සැකකාර යතුරුපැදිකරුවන් පිරිස පුත්තූර් හංදියෙන් කොඩිකාමන් හරහා කිලිනොච්චිය දෙසට ගමන් කර ඇති බවට අනාවරණය වූ බවය.
ඒ අනුව අදාළ යතුරුපැදිවල අංක තහඩුවේ ලියාපදිංචිකරු සොයා කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 19 වන දින කිලිනොච්චිය කෙරක්කන්කඩ්ඩු ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී යතුරුපැදියේ හිමිකරු සොයා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර තිබේ.
එමගින් යතුරුපැදිකරුවන් කිහිප දෙනෙකු පසුගිය 18 වැනි දින විශ්වමඩු හන්දිය අසලදී රැස්වී මුලතිව් මාර්ගය ඔස්සේ වෙල්ලමුල්ලි වෛයිකාල් දෙසට ගමන් කර ඇති බව අනාවරණය වී ඇති අතර ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් ගන්නේ කවුරුන්ද කුමන ප්‍රදේශයකදීද වැනි තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය විසින් අද (23) උදෑසන සැකකාර යතුරුපැදිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තිදෙනා අපරික්ෂාකාරි රිය පැදවීම යටතේ යතුරුපැදි ධාවනය, පීඩාකාරී ලෙස යතුරුපැදි පැදවීම, හිස්වැසුම් නොමැතිය ගමන් කිරීම ඇතුළු චෝදනා රැසකට විරුද්ධව අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

