brand logo
logo
අනතුරකින් පාසල් සිසුන් 13දෙනෙකු රෝහලේ

අනතුරකින් පාසල් සිසුන් 13දෙනෙකු රෝහලේ

23 July 2025

බෙලිඅත්ත - වීරකැටිය, මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද (23) උදෑසන පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් 16 දෙනකු තුවාල ලබා තිබේ.


තුවාල ලැබූ සිසු දරුවන් තංගල්ල හා වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.


මේ වනවිට ළමුන් 13 දෙනෙකු බෙලිඅත්ත, බෙලිගල්ල, තංගල්ල හා වීරකැටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.


ඔවුන්ගේ තත්ත්වය බරපතල නොමැති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

 

More News..