2010 සිට අලි මරණ 5394ක් -වනජීවිය කියයි
30 October 2026 | සාලිය කුමාර ගුණසේකර
2010 සිට අලි මරණ 5394ක් -වනජීවිය කියයි
30 October 2026 | සාලිය කුමාර ගුණසේකර
ඉකුත් 2010 වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් 19 වැනිදා දක්වා කාලයේදී අලි මරණ 5,394 ක් වාර්තා වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා මගින් පෙන්වා දෙයි.
එම වාර්තාවලට අනුව අලි මරණ වැඩිම සංඛ්යාවක් වාර්තා වන්නේ පොලොන්නරුව වනජීවි කලාපයෙන් වන අතර එම සංඛ්යාව 1,181 කි. දෙවනුවට අලි මරණ වැඩිම සංඛ්යාවක් වාර්තා වන්නේ නැගෙනහිර වනජීවි කලාපයෙනි. එම සංඛ්යාව 1,022 කි. තෙවැනියට අලි මරණ වැඩිම සංඛ්යාවක් වාර්තා වන්නේ අනුරාධපුර වනජීවි කලාපයෙන් වන අතර එම සංඛ්යාව 799 කි.
තවද එම කාලය තුළදී අලි මරණ වැඩිම සංඛ්යාවක් වාර්තා වන්නේ 2023 සහ 2025 වසරේදීය. ඒ අනුව 2023 වසරේදී අලි මරණ 488 ක් සහ 2025 වසරේදී අලි මරණ 455 ක් වාර්තා වේ.
මේ අතර මෙම 2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මස 19 වැනිදා දක්වා වාර්තාවී ඇති අලි මරණ සංඛ්යාව 286 කි.

