කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
13 September 2026
කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
13 September 2026
කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් කුසලානය තමන් සතු කරගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්විය.
ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 72කින් ජයගනිමිනි.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 183කි.
එහිදී ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 59ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී මිතලි අයෝධ්‍යා, චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 184ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණය.
එහිදී චමරි අතපත්තු ලකුණු 36ක් රැස්කරගත්තාය.
පන්දු යැවීමේදී ශ්‍රී චරනි කඩුලු 04ක් බිඳහෙළිමට සමත්විය.

