ගතවූ දින 4 තුළ වාහන ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කරලා
14 April 2026
ගතවූ දින 4 තුළ වාහන ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කරලා
14 April 2026
දින 04ක් තුළ වාහන 520,403ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බව අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය පවසයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා සඳහන් කළේ අප්‍රේල් 10 සිට 13 දක්වා ගෙවුණු දින 4ක කාලය තුළ රුපියල් 19 කෝටි 61 ලක්ෂ 19,425ක මුදලක් ආදායම් ලෙස උපයා ඇති බවය.
අවුරුදු සතිය තුළ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ගය භාවිත කිරීමත් සමග මෙම අදායම උපයා තිබේ.
අප්‍රේල් 10 වනදා වැඩිම ආදායමක් වාර්තා වී ඇති අතර, එය රුපියල් පන් කෝටි 98 ලක්ෂ 15,450ක මුදලක් බව නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ.ඩි කහටපිටිය මහතා සඳහන් කළේය.
එදින වාහන 161,847ක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බව සඳහන්ය.

