බොරතෙල් මිල තවත් ඉහළට
22 October 2026
බොරතෙල් මිල තවත් ඉහළට
22 October 2026
ඉරානයට එරෙහිව අමෙරිකානු ප්රහාරයක් එල්ල වීමේ සූදානමක් පවතින බවට වාර්තා වීමත් සමඟම, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.1% කින් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 112.20ක් ලෙස සටහන් වී ඇත.
මීට අමතරව, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිලද 2.79% ක ඉහළයාමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් 99.86ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

