brand logo
logo
බෝ ගසට පැමිණිලි ගොඩක්

බෝ ගසට පැමිණිලි ගොඩක්

08 June 2024

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට සෑම සතියකදීම අවදානම් ගස් සම්බන්ධව පරීක්ෂා කරන ලෙස ඉල්ලා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලිපි හතරක් පමණ ලැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ලැබෙන ලිපි අනුව අදාළ ගස් පරීක්ෂා කිරීමට නිලධාරීන් යොදවන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර පැවසුවාය.


‍මෙලෙස වැඩි වශයෙන්ම පැමිණිලි ලැබෙන්නේ විහාරස්ථානවල තිබෙන බෝ ගස් සම්බන්ධව බවද අනාවරණය වේ.


කොළඹ නගරයේ අවදානම් සහිත ගස් නිරතුරු පරීක්ෂා කිරීම සඳහා පුහුණුවක් ලබාදීමෙන් පසුව ස්ථිර නිලධාරියකු යොදවා ඇතැයිද ඇය කීවාය.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි ඉකුත් මැයි මස 09 වැනිදා සිට මේ දක්වා වූ කාලය තුළදී ගස් ඉදිරී වැටීමෙන් පුද්ගලයන් 09 දෙනකු මියගොස් ඇත. මෙලෙස මියගිය පිරිස අතුරින් පස්දෙනකුම කාන්තාවන්ය.


 

More News..