brand logo
logo
  ජල ගාස්තුව සුළු ප්‍රමාණයකින් ඉහළ යා හැකියි - අමාත්‍ය සුසිල් රණසිංහ

ජල ගාස්තුව සුළු ප්‍රමාණයකින් ඉහළ යා හැකියි - අමාත්‍ය සුසිල් රණසිංහ

02 June 2026


ජල ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.


කොළඹ අද (02) පැවති පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉහළ නැංවුණු විදුලි ගාස්තුවට සාපේක්ෂව මෙම ගාස්තු වැඩිවීම සිදුවන බවය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, 


''විදුලි බිල ගත්තහම, විදුලි බිලෙන් ජල බිලේ ආවරණය වෙන්නෙ 12%යි.. මම හිතන්නේ ඒ 12%න් 18%ක් තමයි වැඩි වුණේ.. කට්ටිය අහනවනේ ජල බිල වැඩි වෙනවද නැද්ද කියලා... 12%න් 18%ක්... ඒ කොටස තමයි ඒකකයකට වෙනස් වෙන්න නියමිත.. ඒ කියන්නේ ඉතාමත් සුළු මුදලක්.. ඒ අනුව තමයි මේ විදුලි බිල උච්චාවචනය කියන එක ජල බිලට බලපාන්නේ.''


 

More News..