රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත වැටලීමක්
23 September 2026
රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත වැටලීමක්
23 September 2026
විදේශ රටක සිට ගෙන්වන ලද කුෂ් හා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස මඟින් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගේ අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බවය.
සැකකරුගෙන් ලද තොරතුරු අනුව පුද්ගලික කුරියර් සේවාවක් මඟින් මෙරටට ගෙන්වන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 599 ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 409 ක් සොයාගෙන තිබේ.
විමර්ශන නිලධාරීන් රේගු භාරයේ තිබියදී මෙම මත්ද්‍රවය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේය

