brand logo
logo
හැටන් නගරයේ වෙළඳසැල් 4ක් සොරුන්ගේ ග්‍රහණයට

හැටන් නගරයේ වෙළඳසැල් 4ක් සොරුන්ගේ ග්‍රහණයට

25 October 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්


හැටන් නගරයේ වෙලද සැල් හතරක් ඊයේ (24)වන දින රාත්‍රිය සොරුන්ගේ ග්‍රහණයට හසුව ඇති අතර මේ පිලිබදව හැටන් පොලිසිය විසින් පුලුල් පරික්ෂන ආරම්භ කර ඇත.


මේ පිලිබදව කරන ලද විමසිමකදි හැටන් පොලිසියේ නිලධාරියකු සදහන් කළේ ඊයේ රාත්‍රියේ හැටන් නගරයේ පැති විදියේ රන් ආභරණ සකස් කරන ස්ථාන තුනක් හා සිල්ලර බඩු වෙළෙඳසලක් සොරුන් විසින් කඩා ඇති බවයි.


සොරුන් විසින් කඩන ලද එම ස්ථානවලින් යම් යම් භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවත් එහි අලාභයන් මේ වන තෙක් තක්සේරු කර නොමැති බවත් මේ පිළිබද හැටන් පොලිසියේ නිලධාරින් පුළුල් පරික්ෂන ආරම්භ කර ඇති බවත්ද එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කරයි.

 

More News..