brand logo
logo
 වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත් කරයි

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත් කරයි

08 December 2025


වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.


අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 

More News..