මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි
17 April 2026
මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි
17 April 2026
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ.
ඊයේ (16) දිනයේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබීය.
ඒ සමග යාත්‍රාවේ සිටි සැකකරුවන් 4දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ගනු ලැබීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා ඒකකය මගින් සිදුකළ මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
බහුදින ධීවර යාත්‍රාව තුළ ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව තිබේ.

